Saturday, December 1, 2012

ප්‍රග් ඓතිහාසික ස්ථානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රග් ඓතිහාසික යුගය ගැන කථා කරන විට බලංගොඩ මානවයා ගැන අමතක කල නොහැක.














ඒ අනුව 2009 දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගම්පහ දිස්ත්‍රිකයේ අලවල ප්‍රදේශයේ පොත්ගුල් විහාරය ආසනයේ ලෙනක් කැනීමට ලක් කරන ලදී. එහිදී සොයා ගන්නා ලද විවිධ මුලාශ්‍ර මගින් එම ස්ථානය කොපමන පැරණි ස්ථානයක් දැයි යන්න ස්ථිරව නීර්ණය කිරීම සදහා කාබන් 14 පරීක්ෂණයට යොමු කරන ලදී. ඒ අනුව කාල නීර්නය කර 2012 වසෙරේදී ලැබුනු අතර ඒ අනුව එම ලෙන අසලින් හමුවූ මුලාශ්‍ර වසර 13000 පමණ පැරණි බවට අනාවරණය කර ගෙන ඇත. ඒ අනුව බලංගොඩ මානවයා මෙන්ම මෙහි විශේෂිත වූ මානව කොට්ටාෂයන් සිටින්නට ඇතැයි විශ්වාස කල හැකිය. මෙම ලෙනෙහි ගලේ ඉතා අලංකාර ලෙස කටාරම් කොටා ඇති ආකාරය දක්නට ලැබේ. මෙම පර්වතයෙහි කුඩා ප්‍රමාණයේ සෙල්ලිපියක්ද දැක ගන්නට පුලුවනි.