Tuesday, October 11, 2011

පොළොන්නරු යුගයේ බිතු සිතුවම්


පොළොන්නරු යුගයේ චිත් කලාව ඉතා දියුණු තත්වයක තිබුණු බවටත් රජ මාළිගා හා සරස්වතී මණ්ඩපය සිතුවම් වලින් අලංකාර කර තිබුබවත් චූලවංශයේ සඳහන් වේ. පොළොන්නරු යුගයේ පැරණිම චිත් 1වන විජයබාහු රජ සමයට අයත් වන අතර එය මහියංගනය ථූපයේ ධාතු ගර්භයෙන් හමු වී තිබේ. රේඛා වලින් රූප සටහන් ඇඳ වර්ණ සංයෝජනය කර ඇති මෙම චිත් මගින් අනුරාධපුර යුගයේ චිත් ශිල්පය අඛන්ඩව පොළොන්නරු යුගයට පැමිණි බව සනාථ කරයි. මාර පරාජය පිළිබදව තේමා කොට ඇති මෙම චිත් පැහැදිළි රේඛා භාවිතය මගින් උසස් ස්ථනයක් ලබා ගෙන තිබේ. සීගිරි චිත් සිහිගන්වන සුළු මනහර රේඛා භාවිතයකින් දෙවිවරුන්ගේ සිරුරු නිර්මාණය කර ඇති අතර රතු,කළු,කහ හා සුදු වර්ණ වලින් නිමා කර ඇති මෙම චිත් උසස් සෞන්දර්යකින් යුක්ත වේ. දිඹුලාගල විහාරයේ චිත්රද පොළොන්නරු යුගයේ චිත් අතර වැදගත් තැනක් හිමිකර ගනී.මේ චිත් අතර සස ජාතකය, දේවදත්ත තෙරුන් ආශ්රිත කථා පුවත්ද දැකිය හැකි අතර ඒවා දැන් මැකී යමින් පවතී. දිඹුලාගල පර්වතය ආශ්රිත පුල්ලිගොඩ පර්වත කුහරයක ඇති සිතුවම්,පොළොන්නරුව ගල් විහාරයේ හා ලංකාතිලක විහාරයේ ශේෂ වී ඇති සිතුවම්ද පොළොන්නරු යුගයේ චිත් කලාවේ සුවිශේෂි ලක්ෂණ පිළිබඹු කරයි.
මහියංගන විහාරයේ බිතු සිතුවම්
මෙම චිත් අතරින් විශාලම චිත්රය ලෙස සැළකිය හැක්කේ බුදුරදුන් බෝ මුල අබියස වැඩ සිටින ආකාරයත් අසළින් තාපස ලීලාවක් දක්වන අයෙකු වාඩි වී සිටින ආකාරයත් දැක්වෙන චිත්රයයි. බුද්ධත්වයට පත්වීම දැක්වෙන චිත්රයේ බුදුරදුන් වැද පුදා ගැණීමට තුන් ලොවින් පැමිණි දෙවියන්ද මල් අතින් ගත් විෂ්ණු දෙවියන්ද මාරයා පැරදී පලා යාමද දක්නට ලැබේ. චිත්රකරණය සඳහා යොදාගෙන ඇති වර්ණ අතර රතු, කහ, සුදු, දුඹුරු යන වර්ණ උපයෝගී කරගෙන ඇත. පොළෙන්නරු යුගයේ සාම්ප්රදායික රේඛා චිත් අතර පැරණිතම චිත් වශයෙන් මෙම චිත් හැදින්විය හැකිය. එකොළොස්වන ශත වර්ෂය තරම් පැරණි යුගයක කලා කරුවෙකුගේ තෙළිතුඩින් සිත්තම්ව මිනිස් ඇසට නොපෙනී වර්ෂ දහසකට නොඅඩු කාලයක් තැන්පත්ව තිබුණු මේ අග්රගණ් කලාකෘති මුළු ලොවටම ප්රදර්ශනය වන ආකාරයෙන් වර්තමානයේ අනුරාධපුර පුරාවිද්යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත.

Wednesday, September 14, 2011

මුරගල

 සඳකඩ පහණ මෙන්ම පැරණි දේශීය කලාකරුවාගේ නිර්මාණ කුසලතාවන් හා ශිල්පීය කුසලතාවන් පිළිඹිබු කරන කැටයම් අංගයක් ලෙස මුරගල දැක්විය හැකිය. ලක්දිවට ආවේණික කලා නිර්මාණයක් වන මෙය පැරණි ලක්දිව ආගමික හා ගිහි ගොඩනැගිලිවලට පිවිසෙන පියගැටපෙළ දෙපස සිරස් අතට තබා ඇති ගල් පුවරු වේ.සාමාන්යයෙන් මෙම මුරගල්වල උපරිභාවය අර්ධකවාකාර හැඩයක් ගන්නා අතර ප්රමාණයෙන් උස අඩි 3 සිට 5 දක්වාත් පළල 1 සිට 3 දක්වාත් වේ.මුලින්ම ඉදිකරන ලද මුරගල් කිසිදු කැටයමකින් තොරව ඉතා සරල චාම් ගල් පුවරුවක් විය. ක්රම ක්රමයෙන් මෙම සරල ගල් පුවරුවල විවිධ අන්දමේ මංගල වස්තු සහ සෞභාග් සංඛේතවත් කෙරෙන වස්තු නිරූපණය විය.විවිධ සංකලනයන් මඟින් පැරණි කැටයම්කරුවා ඉතා අලංකාර කලාත්මකභාවයෙන් යුත් නාග රූප මුරගලක් අනුරාධපුර යුගයේ දෙවන භාගයේ පහළ විය.මෙහි ප්රමුඛත්වය ලැබී ඇත්තේ මනුෂ් ස්වරූපයෙන් නිරූපිත හිටි ඉරියව්වෙන් යුත් නාග රාජයාටය. ඔහුගේ හිසට පිටුපසින් පෙණ මණ්ඩලයක් දක්වා ඇති අතර එහි ශීර්ෂ සංඛ්යාව 3 හෝ 5 හෝ 7 හෝ වශයෙන් නිරූපණය කර ඇත.අලංකාර හිස් වැස්මක් ඇති මෙම නාග රාජයාගේ උඩුකය නග්නව දක්වා ඇති අතර යටිකය වැසී ඇත්තේ ජෝතියකිනි.කර්ණාභරණ,මාල ,වළලු, බඳ පටි හා සලඹ පැළඳ ගත් මේ නාග රූපය සැමවිටම එක් කකුලකට බර දී අනෙක් කකුල පහසුවෙන් තබා ගත් ආකාරයක් දැක්වේ.මෙම නාග රූපයේ එක් අතක ඇති පුන්කලස දිව් ලෝකයේ සිතූ පැතූ සම්පත් දෙන වස්තුන් හතරින් එකක් වූ භද්රා සමය නිරූපණය කෙරෙන අතර අනෙක් අතින් කල්ප වෘක්ෂය සංඛේතවත් කෙරේ.අනුරාධපුර මුරගල මේ ආකාරයේ කලාත්මක හා නිර්මාණශීලී වූවද,ඉන් අනතුරුව පොළොන්නරු යුගය එතරම් නිර්මාණශීලී බවක් දක්නට නොලැබේ.

සදතඩපහණ

සඳකඩපහණේ ඓතිහාසික පසුබිම
  කැටයම් කලාව යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයකි. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
  පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්රභූ ගොඩනැගිලි ආශ්රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්රීකත්වය සහ අභිවෘද්ධිය පිළිබඳ විශ්වාසයන් සමඟ බැදී ඇති සංකේතයක් ලෙස එය මුලදී ගොඩනැගිලි දෙරටු අලංකාරකයක් විය.
  මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහණ් කැටයමින් තොර වූ අතර පසු කාලීනව හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත. කෙසේවෙතත් සඳකඩපහණ ආශ්රිතව සිදුකල පුරාවිද්යාත්මක පර්යේෂණ වලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්, දාර්ශනික අගයකින් යුක්තවූත්, විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙස නම්කර ඇත.
  "අඩ්ඩචන්දකපද ගණ්ඨිකා" යන පාලි පදයෙන් බිදී මුල් යුගයේදී "අඩසඳ පහණ" ලෙස හැදින්වූ අතර පසුකාලීනව සඳකඩපහණ ලෙස භාවිතා වී ඇත. සඳකඩපහණේ විකාසනය යුග තුනක් ඔස්සේ දැක්විය හැකිය.
  එනම් අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර දක්වා වූ යුගය වශයෙනි.
අනුරාධපුර යුගයේ සදකඩපහණ



   අනුරාධපුර යුගය යනු බුදු දහමේ ආලෝකය ලංකාවට ලැබුණු හා සීග් වර්ධනයක් ඇති වූ රජරට කේන්ද් කරගත් පළමු රාජ යුගයගි. කැටයම් කලාව ඇතුළු අනෙකුත් ශිල්ප ක්රම බොහෝමයක වාගේම සඳකඩපහණේ ආරම්භයද මෙම යුගයේ දී සිදුවේ. තවද එහි වර්ධනයේ උපරිම අවස්ථාවද මෙම යුගයේදීම සිදුවීම විශෙෂ ලක්ෂණයකි. විහරදොරටුවක් ආශ්රිතව පියගැ පෙළට යාබදව කැටයම් රහිත වූ හතරැස් පාටිකාව සඳකඩපහණේ ආරම්භක අවස්ථාවයි. අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව මෙන්මවිහාර භූමියේ ඇති පාටිකාව ඉහත කරුණට නිදසුන් සපයයි. පසුව මෙහි හතරුස් හැඩය වෙනස්වී අර්ධ කවාකාර කැටයමි රහිත ගල් පුවරුවක් ලෙස සකස් වී ඇත. එවැනි සඳකඩපහණ් ජේතවන විහාර භූමියේ ස්ථාන කීපයකම දක්නට ඇත. එහෙත් තවත් නොබෝ කලක් ගත වනවිට ක්රම ක්රමයෙන් සඳකඩපහණ කැටයම් කර තිබේ. පළමුව අර්ධ පද්මයද, පසුව සත්ව රූපාවලියද, ඉන් පසුව ලියවැල් ආදී අනෙක් කැටයම් මෙයට ආරෝපනය වී තිබේ.සඳකඩපහණ හා ආශ්රිත කැටයම් පිළිබඳ අධ්යනය කිරීමේ දී අනුරාධපුර යුගයේ කැටයම් කරුවාට අද්විතීය ස්ථානයක් හිමි වේ. ඉතා සරල ලෙසත්, චාම් ලෙසත් කැටයම් කිරීම නිසා සඳකඩපහණ මෙම යුගයේදී දැකුම්කළු උසස් නිර්මාණයක් බවට පත් වී තිබේ. තවද ඇත්, අස්, සිංහ, ගව, හංස ආදී සත්ව රූප පිටතට නෙරා එන පරිදි ජීවමාන ස්වරූපයෙන් නිමවා ඇත.
    අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස සලකනු ලබන්නේ බිසෝමාලිගයේ ඇති සඳකඩපහණයි. එහි කැටයම් ඉතා ගැඹුරින් හා සියුම්ව නිර්මාණය කර ඇත. ඒවායේ ප්රාණවත් බවක්ද, සතුන්ගේ ගමන් විලාසයෙන් සංසාර ගමන වේගවත් කර පෙන්වයි. එතරම් තාත්වික වෙනත් සඳකඩපහණක් දැකිය නොහැක. අනුරාධපුර යුගයේ සදකඩපහණ විශිෂ්ට කලා නිර්මාණයක් වීමට බලපෑ කරුණු අතර කැටයම් සීමිත කිරීමත් ඒවාට ජීවමාන ස්වරූපයක් හා ප්රාණවත් බවක් ආරෝපණය කිරීමත් දැක්විය හැකිය.
පොළොන්නරැ යුගයේ සදකඩපහණ

          අනුරාධපුර යුගයෙන් පසු එනම් පොළොන්නරු යුගය වනවිට සදකඩපහණ නම් වූ ශෛලමය නිර්මාණයේ මූලික වෙනස් කම් කිහිපයක් සිදුවී ඇත. වැදගත්ම ලක්ෂණය වන්නේ කැටයම් බාහුල්යයයි. එනම් පොළොන්නරු කැටයම් කරුවා සඳකඩපහණට බොහෝ කැටයම් ආරෝපනය කර ඇත. මුල් යුගයේදී මෙන්
   නොව සත්ව රූප වෙන වෙනම පේළිවල නිරූපණය කර ඇත. තවද ලියකම් විශාල වශයෙන් වැඩි වී තිබේ. මෙම කැටයම් බාහුල්යය නිසා සඳකඩපහණේ පෙර තිබූ චාම්බව හා ප්රසන්න බව හීන වී ඇත.
21    පොළොන්නරු සඳකඩපහණහි දක්නට ලැබෙන මීලඟ සුවිශේෂී ලක්ෂණය වන්නේ ගව රූපය ඉවත් කිරීමයි. මේ සදහා හින්ඳු ආගමික බලපෑම් හේතු වී ඇත. ගවයා හින්ඳු ආගමේ පූජනීය සත්වයෙකි, පයට පෑගීම වැලැක්වීම සඳහා ගවයා සඳකඩපහණෙන් ඉවත් කරන්නට ඇත. තවද මෙම යුගයේ ඇතැම් සඳකඩපහණ් වල සිංහ රූපයද ඉවත්කොට ඇත. වෙනුවට රටා මෝස්තර, ලියවැල් ආරෝපනය වී ඇත. මෙම යුගයේ කැටයම් කරුවා ගල් බිංදු මෝස්තරය, රටාමෝස්තරය ආදී වශයෙන් තවත් තීරු කිහිපයක් සඳකඩපහණට එකතුකර ඇත.පොළොන්නරු යුගයේ සඳකඩපහණ සීමාඝරය හා වටදාගෙය නම් ස්ථානවල පාටිකා ස්ථානවල පාටිකා ස්වරූපයෙන් පවතින නිර්මාණ හමු වේ. විශේෂත්වය වන්නේ අනුරාධපුර යුගයේ ආගමික ස්ථානවල දක්නට ලැබුනු සඳකඩපහණ පොළොන්නරු යුගයේදී බොහෝ විට රජ මාලිගා අසලද දක්නට ලැබීමයි. මෙම යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස හදුනාගෙන ඇත්තේ පොළොන්නරු වටදාගෙය ආශ්රීතව ඇති සඳකඩපහණයි. මීට අමතරව පොළොන්නරු සඳකඩපහණේ දැකියහැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සත්ව රූප අර්ධ උන්නත ලෙස කැටයම් කර තිබීමයි.