සඳකඩ පහණ මෙන්ම පැරණි දේශීය කලාකරුවාගේ නිර්මාණ කුසලතාවන් හා ශිල්පීය කුසලතාවන් පිළිඹිබු කරන කැටයම් අංගයක් ලෙස මුරගල දැක්විය හැකිය. ලක්දිවට ආවේණික කලා නිර්මාණයක් වන මෙය පැරණි ලක්දිව ආගමික හා ගිහි ගොඩනැගිලිවලට පිවිසෙන පියගැටපෙළ දෙපස සිරස් අතට තබා ඇති ගල් පුවරු වේ.සාමාන්යයෙන් මෙම මුරගල්වල උපරිභාවය අර්ධකවාකාර හැඩයක් ගන්නා අතර ප්රමාණයෙන් උස අඩි 3 සිට 5 දක්වාත් පළල 1 සිට 3 දක්වාත් වේ.මුලින්ම ඉදිකරන ලද මුරගල් කිසිදු කැටයමකින් තොරව ඉතා සරල චාම් ගල් පුවරුවක් විය. ක්රම ක්රමයෙන් මෙම සරල ගල් පුවරුවල විවිධ අන්දමේ මංගල වස්තු සහ සෞභාග්‍ය සංඛේතවත් කෙරෙන වස්තු නිරූපණය විය.විවිධ සංකලනයන් මඟින් පැරණි කැටයම්කරුවා ඉතා අලංකාර කලාත්මකභාවයෙන් යුත් නාග රූප මුරගලක් අනුරාධපුර යුගයේ දෙවන භාගයේ පහළ විය.මෙහි ප්රමුඛත්වය ලැබී ඇත්තේ මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපිත හිටි ඉරියව්වෙන් යුත් නාග රාජයාටය. ඔහුගේ හිසට පිටුපසින් පෙණ මණ්ඩලයක් දක්වා ඇති අතර එහි ශීර්ෂ සංඛ්යාව 3 හෝ 5 හෝ 7 හෝ වශයෙන් නිරූපණය කර ඇත.අලංකාර හිස් වැස්මක් ඇති මෙම නාග රාජයාගේ උඩුකය නග්නව දක්වා ඇති අතර යටිකය වැසී ඇත්තේ ජෝතියකිනි.කර්ණාභරණ,මාල ,වළලු, බඳ පටි හා සලඹ පැළඳ ගත් මේ නාග රූපය සැමවිටම එක් කකුලකට බර දී අනෙක් කකුල පහසුවෙන් තබා ගත් ආකාරයක් දැක්වේ.මෙම නාග රූපයේ එක් අතක ඇති පුන්කලස දිව්‍ය ලෝකයේ සිතූ පැතූ සම්පත් දෙන වස්තුන් හතරින් එකක් වූ භද්රා සමය නිරූපණය කෙරෙන අතර අනෙක් අතින් කල්ප වෘක්ෂය සංඛේතවත් කෙරේ.අනුරාධපුර මුරගල මේ ආකාරයේ කලාත්මක හා නිර්මාණශීලී වූවද,ඉන් අනතුරුව පොළොන්නරු යුගය එතරම් නිර්මාණශීලී බවක් දක්නට නොලැබේ.
No comments:
Post a Comment