Wednesday, September 14, 2011

සංඝාවාස

අපි ජිවිතයක් ගත කරන භික්ෂුන් වහන්සේලාගේ වාසය සඳහා මුලින් සකස් කරන ලද්දේ මිහින්තලේ වෙස්සගිරිය, ඉසුරුමුණිය හා සිතුල්පව්ව ආදී ස්ථානයන් හී ස්වභාවිකව පිහිටා තිබූ ගල් ගුහා . පර්වත මුදුනෙන් ගල්ගුහාව තුළට ගලාබස්නා වැහිවතුර වැළැක්වීම සඳහා ගුහා මුව ද්රෙර ඉහළින් කටාරම් කොටා , බිම සකස් කොට, සුවපහසු  වාසය සඳහා මෙම ගල්ගුහා සකස් කරගත හැකි විය. එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් භික්ෂුන් වහන්සේලා ගේ සංභ්යාව සීඝ්රව වැඩි වන්නට වූයෙන් , වඩා පහසුකම් ඇති සංඝාවාස ගොඩ නැගීමට සිදු විය. මිහිඳු මහ රහතත් වහන්සේගේ වාසය සඳහා දීඝසන්ද සෙනෙවියා විසින් කුලුනු අටකින් සමන්විත විශාල ප්රාසාදයක් සාද් දුන් බව සඳහන් වෙයි. මෙය අලංකාර ගල් වැටකින් හා මනාව සුසැදි බිත්තිවලින් යුක්ත බව මහාවංශ ටිකාව කියයි. ලීයෙන් සාදන ලද මෙම ගොඩනැගිල්ලේ නටබුන් දැනට    දක්නට නොලැබේ.

 රත්තප%සාදය

    පසුකාලයේ ගල්වලින් කළ, කල පවතින මාහැගි මන්දිර ගැන අසන්නට ලැබේ. කණිට්ඨ තිස්ස ‍(167 -186) රජු විසින් සාදන ලද රත්න ප්රාසාදය මෙබන්ධකි. එය පසු කාලයේ දෙවෙනි මිහිඳු රජු විසින් රන් මසු  3,00,000 වැය කොට අංග සම්පුර්ණ කළ බව කියනු ලැබේ.

මේ ගොඩනැගිල්ලේ හා එහි ඇති ගල්කණුවල විශාලත්වය නිසාදෝ එය ඇත්හල නමින් ප්රසිද්ධ වී ඇත. මෙහි ගොඩනැගිලි පාදය දිගින් අඩි 138ක් වන අතර පළලින් අඩි 66ක් වෙයි. මෙම ගොඩනැගිල්ලේ ගල්කණු 208ක් තිබු බවට ලකුණු තිබේ. අඩි2ක් දිග පළල ඇති ,උසින් අඩි16ක් වූ (පොළොවට යට වූ ප්රමාණයත් සමඟ නම් අඩි22ක් වූ) කුලුනු 9ක් තවමත් විද්යමාන . ලීයෙන් කළ මහල් ගණනක් මෙම කුලුනු මත දරා සිටින්න්ට ඇත. අනුරාධපුර යුගයට අයත් ඉතා කලාත්මක වූ නාග මුරගලක් දක්නට ලැබෙන්නේ මේ ස්ථානයේ .  රත්න ප්රාසාදය වැනි විශාල තත්වයේ භික්ෂු ආරාමවලට වඩා කුඩා ප්රමානයේ සංඝාවාස රාශියක පදනම් අනුරාධපුර නටබුන් අතරින් සොයා ගත හැකි .

No comments:

Post a Comment