Wednesday, September 14, 2011

උපෝසථගාර

විහාර ආරාමයන් හැරුණු විට, භික්ෂුන් වහන්සේලාගේ විනයකර්ම කිරීම සඳහා අතිශයින් වැදගත් වූ ගොඩනැගිලි විශේෂයකි. උපෝසථාගාර නමින් හැඳින්වෙනනේ. අනුරාධපුරයේ අභයගිරිය,දක්ඛිණ විහාරය හා ජේතවනාරාමය වැනිඑක් එක් නිකායික විහාරයන් සඳහා වෙන් වෙන් වූ උපෝසථාගාර තිබූ බව පෙනේ. පොහෝ දිනයන්හි භික්ෂුන් වහන්සේලා විනය කර්ම සඳහා මේවායේ රැස්වුහ. උපෝසථාගාරවලින් ඉතා ශෝභන වුත් , විශාල වුත් ගොඩනැගිලි වන්නේ මහා විහාරයේ උපෝසථාගාරය වන දුටු ගැමුණු රජතුමා විසින් කරවන ලද ලෝහ ප්රාසාදය යි. කාමර සියය බැගින් යුත්,මහල් නවයක් මෙම ගොඩනැගිල්ලට තිබුණේ යයි මහාවංශයේ කියැවේ.උසස් ගෘහ ිර්මාණ ලක්ෂණ වලින් යුක්ත වූ මෙහි පියස්සට තඹ ඔබ්බ වු උළු සෙවිලි කළ බවත්, නිසා ලෝහ ප්රාසාදයයන නම ඇති වු බවත් කියනු ලැබේ. මෙම සුවිසල් මන්දිරය උපෝසථාගාරයක් වශයෙන් පමණක් නොව, භික්ෂු අරමක් වශයෙන් , පහත මාලය පොහෝ දිනවල ධර්මශාලාවක් වශයෙන් භාවිතා කරනු ලැබුවේ යයි කියනු ලැබේ. ගින්නෙන් දැවුණු මෙම නව මහල් මන්දිරය පසුව සත්මහල් කොට සද්ධාතිස්ස රජු විසින් ගොඩ නගන ලද්දේ . දැනටබිම් මහලේ පෙළකට40 බැගින් ගල්කණු 1600ක් දක්නට ලැබේ. මේ ගල්කනු ද්රෙළොස්වන සියවසේ මහා පරාක්රමබාහු රජතුමා විසින් කළ ප්රතිසංස්කරණයේ ඒවා බව විචාරකයින්ගේ හැඟීමයි. මේ ගල්කණු මත ඉතිරි මහල් ලීයෙන් සාද් තිබෙන්නට ඇත.

            මහා පරාක්රමබාහු රජතුමා විසින් පොළොන්නරුවේ ඉදි කරන ලද අලාහක පිරිවෙනට අයත් ගොඩනැගිලි සමූහයේ ඉතා ඉහළ මලුවේ පිහිටි බද්ධ සීමා පාසාදය උපෝසථාගාරයකි. චුලවංශයේ සඳහන් විස්තරය අනුව මෙහි මහල් 12කි. ඡුලවංශයේ සඳහන්  මහල් අප විසින් අදහස් කරනු ලබන සොල්දර තට්ටුදැ යි නිශ්චය වශයෙන් කිව නො හැකි . එහෙත් දැනට පෙනෙන අන්දමට අඩි ක් උස දිගින් අඩි113ක් වූත්, ළෙලින් අඩි 106ක් වූත් අධිෂ්ඨානයක් (වේදිකාවක්) මත දක්නට ලැබෙන,මාර්ග, ශාලා, කාමර ,කුලුනු හා ඉහළ මාලයට නගින තරප්පු පෙළක නටබුන් ආදිය ගැන සලකා බලන වටි මෙය ඉතා කදිම ගොඩනැිල්ලක් වන්නට ඇති බව සිතිය හැක.

            පොළොන්නරුවේ තෝපා වැව් කෙළවර නටබුන් අතර පොත්ගුල නමින් හැඳින්වෙන වෘත්තාකාර ගොඩනැගිල්ල විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකිය හැකි . වට ප්රමාණය අඩි 157ක් පමණ වූ මෙම ගොඩනැගිල්ලේ නැගෙනහිරට ආයත අන්තරාලයක් විහිදෙයි. බොකු වහලයක් සහිත වූ මෙම ගොඩනැගිල්ල කුමක් දැ යි නිශ්චය වශයෙන් තීරණය කර නැත. මහා පරාක්රමබාහු රජුගේ චන්ද්රවති දේවිය විසින් මෙම ස්ථානයේ මණ්ඩපයක් කළ බව කියැවේ. මෙම ගොඩනැගිල්ල වටා භික්ෂු ආරාම වශයෙන් සැලකිය හැකි ගොඩනැගිලි සංඛ්යාවක් ඇත්තේ .

No comments:

Post a Comment