Wednesday, September 14, 2011

වාහල්කඩ

පැරණි ලක්දිව කැටයම් කලාව අධ්යයනයේදී පැරණිතම කැටයම් හමුවන්නේ අනුරාධපුරයේ ඇති වාහල්කඩ යන ගෘහ නිර්මාණික අංගයෙන් බව පුරා විද්යාඥයන්ගේ නිගමනයයි.පැරණි යුගයේ මෙම වාහල්කඩ යන අංගය හඳුන්වා ඇත්තේ "ආයක්" යනුවෙනි.වාහල්කඩ යනු ලක්දිව පැරණිම දාගැබ්වල සතර දිශාව බවත්,දාගැබේ පහළ කොටසට සම්බන්දව ඉඳි කෙරුණ ප්රක්ෂේපණ 4ක් බවත්ය.ගල් පුවරුවලින් නිමවන ලද මෙම අංගය මූලික වශයෙන්ම සෘජුකෝණස්රාකාර ආකෘතියක් ගන්නා අතර එහි මධ් කොටස ඉදිරියට නෙරා ඇවිත් ඇත.මෙම වාහල්කඩේ පහළ කොටස කැටයම්වලින් තොර වූ සරල ගල් පුවරුවලින් සකස් වී ඇති අතර ඉහළ කොටස සකස් වී ඇත්තේ ඇතුළු පැත්තට හා පිට පැත්තට නෙරා ගිය ගල්තීරුවලිනි.එසේම මෙම වාහල්කඩේ දෙකෙළවර උස ගල් කණුවක් හා මිටි ගල්කණුවක් සෑම විටම දක්නට ලැබේ.මෙම වාහල් කඩ අංගය අලංකාර කිරීම සඳහා යොදා ගත් විවිධ කැටයම් වාහල්කඩ කැටයම් වේ.මෙම කැටයම් වලින් සෞභාග් හා ආරක්ෂාව වැනි හැඟීම් සංඛේතවත් කරන සම්ප්රදායික කැටයම් මොස්තර නිරූපණය වේ.වාහල්කඩ වල ඉහළ කොටසේ ,දිග් අතට වැටී ඇති ගල් තීරුවලත් දෙකෙළවර පිහිටි ගල්කණුවලත් කැටයම් මොස්තර දක්නට ලැබේ.ඇතා,අශ්වයා,සිංහයා,ගවයා යන සතුන් හතරදෙනාගේ සත්ත්ව පෙරහැරත්,චෛත්යකාවාට යන සංඛේතයත්,සිරිවක්ස යන සංඛේතයත්,ත්රිරත්නය යන සංඛේතයත්,පූර්ණ සමයත්,නාග රූපයත්,වාමන රූපයත්,මකර රූපයත්,හංස රූපය හා නෙළුම් මල දැක්වෙන රූපයත් කැටයම් අතර කැපී පෙනේ.එසේම විවිධ ලියවැල් හා මල්වැල් අලංකරණය සඳහා යොදා ගෙන ඇත. දැනට ලක්දිව හමු වී ඇති පැරණිම වාහල්කඩ කැටයම වන්නේ "මිහින්තලයේ කණ්ඨක චෛත්යයේ" ඇති වාහල්කඩ කැටයම්ය.මෙහි එන කැටයම් මෝස්තර පැරණි දඹදිව කැටයම්වල ආභාසය මැනවින් සිහිගන්වයි.පැරණි අනුරාධපුර නගරයේ මිරිසවැටිය ස්ථූපයේත්,රුවන්වැලි සෑයේත්,දක්නට ලැබුණු කැටයම් කණ්ඨක චෛත්යයේ කැටයම්වලට වඩා තරමක් දියුණු අවස්ථාවක්වේ.එසේම අභයගිරි හා ජේතවන ස්ථූපවල වාහල්කඩ කැටයම් තවදුරටත් මුහුකුරා ගොස් ඇත.අනුරපුර යුගයේ ගල්පුවරුවලින්ම නිර්මාණය වූ මෙම වාහල්කඩ පොළොන්නරු යුගයේ ගලින්,ගඩොලින් හා බදාමෙන් නිර්මාණය වූ අතර එය කලාත්මක අගයෙන් තොර වී ගිය බව කිව යුතුය. නූතන යුගය සම්බන්දයෙන් බලන විට පෙනීයන්නේ මෙම වාහල්කඩ යන අංගය වෙනුවට පියස්සක් සහිත මල් ආසන බිහි වී ඇති බවයි

No comments:

Post a Comment