Saturday, March 17, 2012

බිතු සිතුවම්

බෞද්ධ විහාරයකට වන්දනාවේ යන බාල මහලු කවුරුත් බිතුසිතුවම් නැරඹීමට කැමැත්තක් දක්වති. පුරාණයේ සිට බෞද්ධ විහාර බිතුසිතුවමින් අලංකාර කොටඇත්තේ පැහැදිලි අරමුණු ඇතිව . වන්දනා කරුවන් තුළ තෙරුවන් කෙරෙහි Y%ද්ධාව ජනිත කරවීම එක් අරමුණකි. සැදැහැවතුනට සදාචාරාත්මක පාඩම් ඉගැන්වීම හෙවත් උපදෙස් දීම තවත් අරමුණකි. කියවීමට නොහැකි අයට වුවත් සිතුවම් බලා ආශ්වාදයක් අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම චිත්රවල ඇති විශේෂ ලක්ෂණයකි.  

       බෞද්ධ විහාරයක බිතුසිතුවම් අතර දක්නට ලැබෙන තේමාවන් විවිධ . සූවිසි විවරණ ඇතුළු බුද්ධ චරිතය, ජාතක කථා, බෞද්ධ ඓතිහාසික සිද්ධි, දෙව්ලොව වර්ණනා, අපාය විස්තර හා සැරසිලි චිත් මේ තේමාවන් සමහරකි. මේ සියල්ලම නැති වුණත් මෙයින් එක වර්ගයක සිතුවම් හෝ විහාරයක දී දක්නට නොලැබෙන්නේ නම් කලාතුරකිනි.  

       ලංකාවේ පැරණි සිතුවම් කලාවක් තිබෙන්නට ඇත. එහෙත් බෞද්ධ සිතුවම් කලාව අපට ලැබුණේ බුදු දහමත් සමඟ . අනුරාධපුරයේ මුල් කාලයේ අඳින ලද සිතුවම් අද අපට දක්නට නොලැබේ. දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ බිත්තිවල විචිත් සිතුවම් ඇඳ කිබූ බව මහාවංශයේ කියැවෙයි. ජාතක කථා අඳින ලද චිත්රවස්ත්රවලින් වෙසක් දින අනුරාධපුරයේ නගරය අලංකාර තිබූ බව ලක්දිවට පැමිණි පාහියන් නමැති චීන භික්ෂූන් වහන්සේ ගේ ගමන් විස්තරයේ (5 සියවස) සඳහන් වෙයි. 

               අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවමක් මිහින්තලේ චෛත්යයක ධාතු ගර්භයකින් සොයා ගෙන තිබේ. මේ සිතුවම් වලාකුළුවලින් මතුවන දේවතා සමූහයකගේ රේඛා චිත්රයකි. දැනට ඉතිරි වී ඇති අනුරාධපුරයට අයත් හොඳ සිතුවම් පස්වන සියවසට අයත් සීගිරි චිත් යි. මහනුවර ආසන්නයේ පිහිටි හිඳගල විහාරයේ මැකී ගෙන යන පැරණි සිතුවම් කොටසක් ඇත්තේ ය. හත්වන සියවසට අයත් සේ සලකනු ලබන මෙම චිත්රයෙන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ශක්රයා ඉන්ද්රශාල ගුහාවට පැමිණි අවස්ථාව නිරූපණය වේ යනු හිටපු පුරාවිද්යා කොමසාරිස් වරයෙකු වන ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස විය.

No comments:

Post a Comment