භික්ෂූන් වහන්සේගේ ප්රයෝජනය පිණිස සෑම ආරාමයකම පොකුණු ඉදි කොට ඇති අතර එම පොකුණු සඳහා යොදා ගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලින් හඳුනාගෙන ඇති අතර එම පොකුණු වර්ග පහම එකම ස්ථානයක දක්නට ලැබෙන්නේ බදගිරිය ගල් පර්වතයෙහි පමණි. එම පොකුණු වර්ග පහ නම්, මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ හා කුට්ටම් පොකුණ යි.
- මල් පොකුණ
මල්වලින් ගැවසීගත් හෙයින් මෙය මල් පොකුණ ලෙස හඳුන්වා ඇත. පරිධියෙන් ඉතා විශාල වූ මෙහි දිග අඩි 33ක්ද පළල අඩි 14ක්ද ගැඹුර අඩි 4ක්ද වේ. වර්තමානයේදී ද මෙම පොකුණ ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී.
- පා පොකුණ
පර්වත මස්තකයෙහි පිහිටි චෛත්යය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබා ගෙන ඇත්තේ මෙම පොකුණෙනි. මෙහි දිග අඩි 11ක්ද පළල අඩි 7ක්ද ගැඹුර අඩි 4ක්ද වේ.
- පියන් පොකුණ
භික්ෂූන් වහන්සේගේ ප්රයෝජනය පිණිස නිර්මාණය කර ඇති මෙය විශාල ගල් පියනකින් වැසී ඇති අතර ජලය ලබා ගැනීමට පහසු ආකාරයෙන් එක් පසෙකින් විවෘත වී ඇත. ගල් පියනකින් ආවරණය වී ඇති නිසා මෙය පියන් පොකුණ ලෙස ව්යවහාරයට පැමිණ ඇත. වර්තමානයේදී ද පිරිසිදු ජලය ඇති මෙය අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට භාවිත කළේ යැයි සිතිය හැකිය. දිගින් අඩි 10ක් හා පළලින් අඩි 5ක් වන මෙහි ජලය නියඟ කාලවලදී පවා නොසිඳෙයි.
- ඇස් පොකුණ
මිනිස් ඇසක ස්වභාවය ගන්නා බැවින් ඇස් පොකුණ ලෙස හඳුන්වා ඇත. පැන් කෙණ්ඩියක් දැමීමට තරම් කුඩා ප්රමාණයට අතීතයේදී පැවති මෙහි විවරය දැන් විශාලවී ඇත. මෙහි ගැඹුර අඩි 6කට වඩා වැඩි නොවුවද ගල් සහ මඩ රැඳී ඇති හෙයින් ගැඹුරක් නිශ්චය කළ නො හැකිය. ගල් සහ මඩ තෙක් ඇති ගැඹුර අඩි 5ක් පමණ වන අතර දිග අඩි 2ක්ද පළල අඩි 1/2ද වේ.
කුට්ටම් පොකුණ
නාන පොකුණු සඳහා පුරාණ Y%S ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ පුරාණ සිංහලයින් විසින් කරන ලද්දකි. මෙය ඔවුන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්යාත්මක ක්රමවල ද සුවිශේෂී අග්ර ඵලයක් ලෙස සළකනු ලැබේ.
විශාලත්වය
පොකුණ පිහිටි උද්යානය සැළසුම් කර තිබෙන්නේ අඩි 18½ ක් පමණ දිග බිම් තීරුවකිනි. විශාලතම පොකුණ දිග අඩි 132 ක් සහ පළල 51 කි. කුඩා පොකුණ අඩි 91 ක් සහ පළල 51 කි. ගැඹුර ලොකු සහ කුඩා දෙක්හි පිළිවෙලින් අඩි 18 ක් සහ 14 කි.
ගොඩනැගීම
කුට්ටම් පොකුණුවල මතු පිට යටට, සහ පැතිවලට යොදා ඇත්තේ කැපූ ගල් පුවරුය. පොකුණු දෙකේම දෙපැත්තේ පියගැට පෙළවල් දකින්නට ඇත. ඒවා සමෘද්ධිය විදහා දක්වන පුන්කළස්වලින් සහ ලියවැල්වලින් අලංකෘතය. ඉවුරු සකස්කර තිබුනේ භික්ෂූන් වහන්සේලාට ඒවායේ හිඳගෙන කුමක් හෝ භාජනයක් ගෙන දිය නෑමට හැකි වනු පිණිසයි. පෙකුණට ජලය පැමිණියේ ද පිට වූයේ ද භූගත නල මාර්ගයක් මගිනි. පොකුණට ජලය ඇතුළු වන විට එය පෙරීමට උපක්රම යොදා තිබුණි. ආචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම පොකුණු යුගල සංරක්ෂණයට මහත් සේ වෙහෙස මහන්සි විය. මෙහිදී පොකුණ පතුලේ තිබී කුඩා මත්ස්යයින්, හක් ගෙඩියක්, කකුළුවෙක් සහ නාට්යාංගනාවකගේද පිළි රූ සොයා ගනු ලැබිණි
No comments:
Post a Comment