Saturday, March 17, 2012

තිවංක පිළිම ගේ බිතු සිතුවම්

පොළොන්නරු යුගයේ විශාලතම චිත්රාවලිය තිවංක පිළිම ගෙය තුළ දක්නට ලැබේ.මෙහි ගන්ධකුටියේ ඇති චිත් විශාල වශයෙන් බුද්ධ චරිතය නිරූපනය කරන අතර අන්තරාලයේ සිතුවම් වලින් ජාතක කථා නිරූපණය කරයි. මට සිළිටු කළ වියළි බිත්ති මත රතු පැහැයෙන් චිත්රවල බාහිර රේඛා නිරූපනය කර ඇති අතර රතු,කහ හා කොළ වර්න යෙදා චිත් සම්පූර්ණ කර තිබේ. ගැලපෙන පරිදි රේඛා නැමීමෙන්ද, රේඛාවල මහත අඩුවැඩි කිරීමෙන්ද,කුඩා සිහින් ඉරි කැබලි යෙදීමෙන්ද සිතුවම්වල වටකුරු බව ලබාගෙන තිබේ. අජන්තා චිත් සම්ප්රදාය අඛන්ඩව ලංකාවේ 12 වන සියවස දක්වාම පැවති බව තිවංක පිළිම ගේ බිතු සිතුවම් මගින් පැහැදිළි වේ. බුදුහිමි දෙව්ලොව සිට සංකස්ස පුර වෙත වැඩම කිරීම,විශාලා මහනුවර තුන්බිය දුරලීමට වැඩම කිරීම පිළිබද සිතුවම් අදද පැහැදිලිව හදුනා ගත හැක. සංකස්ස පුරයට වැඩම කිරීම පිළිබද සිතුවම අජන්තා සිතුවම් වලට වඩාත් සමීප බවක් දක්වයි. අන්තරාලයේ සිතුවම් වලින් සස ජාතකය විදහා දැක්වෙන සිතුවම පැහැදිලිව හදුනා ගත හැක. හාවෙකුව උපන් බෝසතුන් සක් දෙවියන්ට තම ඇඟ මස් දන් දීම හා සිද්ධිය සිහි වීමට සඳ මත හාවෙකුගේ සිතුවමක් සිතුවම් කිරීම දැක්වෙන මෙම සිතුවමට අමතරව වෙස්සන්තර ජාතකය,ගුත්තිල ජාතකය,සාම ජාතකය,කුස ජාතකය,මහා උම්මග්ග ජාතකය, පිළිබිඹු කරන චිත් මේ සිතුවම් අතර දක්නට ඇත. ගර්භ ගෘහය හා අන්තරාලය අතර ඇති බෝසතාණන් වහන්සේට මිනිස් ලොව උපත සඳහා ආරාධනා කරනු ලබන චිත්රය මගින් විවිධ මුහුණු හැඩ ඇදීමේ නිපුණතාවය විදහා දක්වයි. මෙහි බෝධිසත්ව රූපය අජන්තා ගුහාවල එන "පද්මපාණී"බෝසත් රුවට යම් සමානත්වයක් දක්වන බව පෙනී යයි. එක් එක් පුද්ගලයන්ගේ ඇදුම්,ආභරණ නිරූපනය මහත් උනන්දුවකින් සිදුකර ඇති කලාකරුවා ඉතා සියුම් මෝස්තර නිරූපණය කිරීමට යොමු වී ඇත. අජන්තා චිත් සම්ප්රදාය අවසන් වරට දක්නට ලැබෙන පොළොන්නරු යුගයේ බිතු සිතුවම් ලොව කිසිදු චිත% සම්ප%දායකට දෙවනි නොවේ'

No comments:

Post a Comment