l%s:පු. වන සියවසේ දී බුදුන් වහන්සේ මෙලොව පහළ වු සේක.එහෙත් ප්රථමවරට බුදු පිළිමයක් නෙලා ඇත්තේ ක්රි.පු.1වන සියවසේ දී ය.බුද්ධ ප්රතිමාවේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී මිනිස්රුවේ හැඩහුරුකමින් යුත් බුද්ධ රූපයක් නෙළීමට සෑහෙන කාල පරිච්ඡේදයක් ගත වී තිබේ. පුරාවිද්යා සාධක අනුව බුදුරුව නෙලීම අවස්ථා තුනක දී සිදු වූ බව පෙනේ.එනම්,
01.බුදුරුව සංකේතානුසාරයෙන් දැක්වීම
02.බෝධි සත්ව රූප නෙලීම
03.බුදු පිළිම නෙලීම
![32](file:///C:/DOCUME~1/PIYUMAL/LOCALS~1/Temp/msohtmlclip1/01/clip_image001.gif)
![33](file:///C:/DOCUME~1/PIYUMAL/LOCALS~1/Temp/msohtmlclip1/01/clip_image001.gif)
මෙම පිළිමගෙයි තබා ඇති අත් සිඳී ගිය හිටි පිළිමය උසින් අඩි 9 අඟල් 9 කි. ආන්ද්‍ර සම්ප්රදායට අයත් මෙම පිළිමය පොළොන්නරු සමයට අයත් නොවේ යැයි සමහරු කියති. l%s:j.9 ,10 සියවස් වලට අයත් බව විශ්වාස කරති. එසේ ම වමතේ මැණික්කටුව ළඟින් ම නැත. සිවුරේ රැලි අවුකන පිළිමයේ මෙන් රැලි ගන්වා තිබුණත් රැල්ල රේඛා දෙකකින් නිරූපණය කර යි.
ඇලහැර පිළිමය
මාතලේ ඇලහැර සමීපයේ අත්තර ගල්ලෑල්ලෙන් සොයා ගත් ශෛලමය හිඳි පිළිමය ක්රි:ව. 11 සියවසට අයත් සේ සැලකේ.
පොළොන්නරුවේ ගල්විහාරයේ පිළිම
පොළොන්නරුවේ ගල්විහාරයේ (උත්තරාරාමයේ) පිළිම හතර ම ක්රි:ව.12 වන සියවසට අයත් යැයි විශ්වාස කෙරේ. මෙහි හිඳි පිළිම දෙකක් ද හිටි පිළිමයක් ද සැතපෙන පිළිමයක් ද වේ.ත්රිවිධ ඉරියව්වෙන් ම යුක්ත වේ. මහා පරාක්රමබාහු රජු විසින් l%s:j 1153-1186 අතර කාලයේ දී ඉඳි කරන ලද්දකි.මහා වංශයෙහි සඳහන් වන්නේ ගල්විහාරයේ ඇති හිඳි පිළිම දෙක සහ සැතපෙන පිළිමය ගැන පමණි. නමුත් එහි හිටි පිළිමයක් ගැන සඳහන් නොවේ.
හිඳි පිළිමය
මෙම පිළිමය උසස් කලාත්මක ලක්ෂණ වලින් යුක්ත ය. ගලින් ම වූ විසිතුරු ආසනයක් මත පිළිමය නෙලා ඇත. සිව්රෙහි සමාන්තර රේඛා දෙක බැගින් ඇත. නලළ පටු ය; දෙනෙත් කුඩා ය; දෙතොල් ද පැහැදිලි ය. පසුබිමේ අඩක් මතු කළ තොරණකි. එහි සිරස් කණු දෙක තිරස් කණු තුන සියුම් කැටයම් වලින් අලංකාර ය. ප්රතිමාවේ සිරස වටා ප්රභා මණ්ඩලයකි; එය දිගටි ය. පසුතලයේ විමාන 4කි. ධ්යාන මුද්රාව එහි වේ. වීරාසන ක්රමයෙන් වැඩ සිටී යි.
හිඳි පිළිමය
විද්යාධර ගුහාව පර්වතය අභ්යන්තරයට හාරා සාදා ඇත.මේ ගුහාව තුළ ඇති පිළිමය සමාධිමය ලක්ෂණ ප්රකට කරයි. චීවරය ඒකාංශ ය; කාරුණික පෙනුමකි. රැලි සමාන්තර වූ සිව්රකි. බුදු රුවට දෙපසින් චාමර ගත් දොරටුපාල රූප දෙකකි. අහසෙයි සිටින පරිදි පිළිබිඹු කළ දේව,බ්රහ්ම රූපයක් ද වෙති. පිටුපසින් තොරණකි. එය සාංචියේ තොරණ මෙනි.
සැතපෙන පිළිමය
දිග අඩි 46 කි. චීවරයේ රැලි රේඛා සහිත ය. හිසට තබන ලද ගල් කොට්ටය පහත් වී තිබෙන අයුරු මූර්ති ශිල්පියා ඉතා දක්ෂ අන්දමින් පිළිබිඹු කර තිබේ. මෙය පූණර් උන්නත් ය. වම් අත ශරීරයට උඩින් දිගට වේ. දකුණු අත නමා හිසට උඩින් දමා ඇත. වම් පාදය දකුණු පාදයට වඩා කෙටි ය. මේ නිසා මෙය පිරිනිවන් එකකැයි සැලකේ.හිටි පිළිමය
විද්යාධර ගුහාව අසල මෙම හිටි පිළිමය තිබේ. ශෛලමය පද්මාසනයක් මත වැඩ සිටින මෙය තිවංක පිළිමයකි. පාදයේ වම් දන, ඉඟටිය නම්යතාවය ඇත. උස අඩි 22 යි අඟල් 9 ක් පමණ ය. චීවරය සමාන්තර රේඛා ය. පූණර් උන්නත් පිළිමයකි. දෙඅත් පපුව මත වේ. මේ ඉරියව්ව පරදුක්ඛ දුක්ඛිත බව පරණ විතාන මහතාගේ අදහස යි. මීට පෙර ආනන්ද හිමියන්ගේ පිළිමයක්යැයි සලකන ලදි. කවාකාර හිස කෙස් ය. ලඹ සවන් ද වේ. මෙබඳු පිළිමයක් තිස්සමහාරාමයේ යටාල වෙහෙරින් හමු විය. පිහිටි ගලේ අනවශ්‍ය කොටස් ඉවත් කර අඩි 23 ක් උසට නෙලන ලදි.
පොළොන්නරුවේ වටදාගෙයි පිළිම
![36](file:///C:/DOCUME~1/PIYUMAL/LOCALS~1/Temp/msohtmlclip1/01/clip_image001.gif)
තිවංක පිළිමය
පොළොන්නරු යුගයේ ශෛලමය ප්රතිමා හැරුණු විට ගඩොලින් සහ හුණු ගලෙන් කළ යෝධ පිළිම කිහිපයකි. මින් වේළුවනාරාමයේ දක්නට ලැබෙන තිවංක පිළිමය ලංකාවේ දක්නා ලැබෙන විශේෂ මූර්තියකි. මෙහි උස අඩි 18කි. දෙදන, ඉඟටිය,බෙල්ල යන ස්ථාන වලිනි නැමී ඇති බැවින් තිවංක යන නාමය ව්යවහාර වේ. නෙළුම් පෙති කැටයමකින් යුක්ත පද්මාසනයක් මත වැඩ සිටින අයුරු දැක්වේ. මෙය ද චෝල සම්ප්රදායට අයත් වේ.
No comments:
Post a Comment