Saturday, March 17, 2012

සීගිරි බිතු සිතුවම්

ආලකමන්දාවක් යයි කීමේදී සීගිරි චිත් ඉතාමත් වැදගත්ය.ක්රි.ව.8දී චිත් 502ක් පැවති බව සදහන් වුවද අද දක්නට ඇත්තේ චිත් 22ක් පමණි.මෙම චිත් ප්රධාන ලෙස බටහිර ගල් පර්වතය දිගේ දක්නට ලැබේ.තවද නයිපෙන ගුහාව,වතුරබක්කිගල ගුහාව,දැරණියගල ගුහාව හා ශිලා උද්යානයේ ගුහාවන්හි දක්නට ලැබේ.චිත් ඇදීමේදී තලය සදහා මී පැණි,හුඹස් මැටි,දහයියා මිශ්රණයක් යොදාගන තිබේ.වර්ණ සැකසීම සදහා ගොකටු කිරි,මකුළු මැටි,රණවරා ආදී දේශීය අමුද්රව් යොදාගන ඇත.
        සීගිරි චිත් වල දැකියහැකි විශේෂ ලක්ෂණයක් වනුයේ උඩුකය සහිත කාන්තා රූප පමණක් පැවතීමයි.චිත් නිර්මාණයේදී ශරීර ප්රමාණයන්,ඇදුම් පැළදුම්,ආභරණ,මල් හා මල් වට්ටි නිසි පරිමාණකූලව දක්වා තිබීම කලා කරුගේ නිර්මාණ කුසලතාව පෙන්වයි.
              සීගිරි චිත් පිළිබදව උගතුන් අතර විවිධ මත ඇත.ලංකාවේ ප්රථම පුරාවිද්යා කොමසාරිස් H.C.Pබෙල් මහතාගේ මතය වූයේ සීගිරිය ආසන්නයේ පිදුරංගල විහාර වන්දනයට යන අන්ත:පුර කතුන් හා සේවිකාවන් බවයි.එහි සිටින කහපාට වර්ණවත් කතුන් අන්ත:පුර කතුන් බවද අදුරු පැහැ කතුන් සේවිකාවන් බවද දක්වයි.උඩුකය පමණක් තිබීමත් වළාකුළෙන් මතුවන සේ තිබීමත් නිසා දිව් ස්ත්රීන් බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහසයි.මාටින් වික්රමසිංහ මහතාගේ අදහස එය දිය කෙළියක් බවයි.
        "රජුගෙ ඇතොරෙන් අපි නොයෙමුයි
          ඔවුහු හගුමින් සිටිති"
යන කුරැටු ගීයට අනුව සිය වල්ලභයාගේ මරණයෙන් ශෝක වන අන්ත:පුර කතන් බව නන්දදේව විජේසේකර මහතා පවසයි.සෙනරත් පරණවිතාන මහතා පවසනුයේ රන්වන් කතුන් තුලින් විජ්ජුලතා හෙවත් විදුලියද නිලිවන් කතුන් තුළින් මේඝලතා හෙවත් මේඝයද නිරූපණය වන බවයි.ඒ අනුව සීගිරියේ ඉතාමත් විචිත්රවත් අංගයක් ලෙස සීගිරිචිත් වැදගත්ය

No comments:

Post a Comment