කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහිලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් අතර ඉසුරුමුණිය වැදගත් වේ. ඉසුරුමුණි පෙම් යුවළ ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා ඇත්තක් වන අතර අඩි 3ක් පමණ උසින් හා අඩි 2ක් පමණ පළලින් යුතුය. මෙහි මූලික වශයෙන්ම නිරූපණය කර ඇත්තේ ආසනයක වාඩි ගත් තරුණ පුරුෂයෙක් හා තරුණ කාන්තාවක්ය. පිරිමියා වාඩි වී සිටින ඉරියව්ව ලලාතාසන ඉරියව්ව යනුවෙන් හැදින්වේ. කාන්තාව වාඩිවී සිටින්නේ තරුණයාගේ නවිගත් වම් කකුල මතය.තරුණයාගේ දකුණු උරහිසට ඉහළින් කඩුවක මිටක් හා පළිහක් වැනි දෙයක් දක්නට ඇත. දෙදෙනාගේම උඩුකය නග්නව දක්වා ඇති අතර විවිධ මාල, වළලු හා කර්ණාභරණ පැළඳ ඇති බව පැහැදිලිය. පිරිමියාගේ වස්ත්‍රය කෙටි වන අතර කාන්තාවගේ වස්ත්‍රය ඇස්වටය දක්වා ඇත. දකුණතින් දැක්වෙන මුද්‍රාව අපැහැදිලිය. ක්‍රි.ව. 5 වන සියවසය අයත් මෙය භාරතයේ විශිෂ්ටතම කලා සම්ප්රදාය වන ගුප්ත මූර්ති ගණයට අයත් විශිෂ්ට නිර්මාණයකි
ඊට අමතරව ඉසුරුමුණියේ ස්වාභාවික පර්වතයක නෙලා ඇති වාඩි ගත් මිනිසෙකු හා අශ්ව හිසක් දැක්වෙන කැටයමද අවධානයට යොමු වී ඇත. අඩි 2 1/2 ක උසින් යුතු ඉති කඩවසම් මෙම පුද්ගලයා මහාරාජා ලීලාවෙන් සිටී. ඔහුගේ දකුණු හිසට ඉහළින් අශ්ව හිස ඇත
No comments:
Post a Comment